රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් – අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

2796

සරාගී නිළියට කොටුවෙන්න සූදානම් නෑ
කැමරාවට බය නෑ – හැබැයි මිනිස්සුන්ට බයයි
මට වැඩිපුර ඉන්නේ පිරිමි යාළුවෝ
දසුන් මට හම්බවුණු හොඳ සපෝර්ටින් නළුවෙක්

චමත්කා ලක්මිණී කියන්නේ නිතරම උඩුගම්බලා පිහිනන්න හදන රංගන ශිල්පිණියක්. නිරූපණ ශිල්පිණියක් විදිහට කලාවට ආ චමත්කා හුස්ම චිත්‍රපටයෙන් බොහෝ දෙනාගේ දැඩි කතාබහට ලක්වෙන නිළියක් බවට පත්වුණා. බොහෝ රංගන ශිල්පිනියන් රඟපෑමටවත් තබා කතා කිරීමටද අකමැති චරිත ඇය භාරගෙන ඊට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න හදන චරිතයක්. පසුගිය කාලයේ ඇය රංගනයෙන් දායක වුණ ‘හියුමන් එරස්” එවැනි අගයීමට ලක්වූ මිනි සීරියස් එකක්. මේ දිනවල බුඩිගේ Outsider මිනි සීරියස් එක හරහාද ඇය අපූරු රංගනයක යෙදෙනවා. ඒ නිසාම චමත්කාට අපි ඉඩක් වෙන් කළා.

රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් - අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

● චමත්කා මේ දවස්වල බූඩිගේ Outsider එක්කයි වැඩ?

මම හිතන්නේ ජීවිතයේ හමුවුණ හොඳම අවස්ථාව කියලා. මොකද මේ ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම වැඩකරන්නේ නැති බොහෝම අඩුවෙන් වැඩකරන ඉතාම හොඳ ඝනයේ වැඩකරන අධ්‍යක්‍ෂවරයෙක් තමයි බූඩි කීර්තිසේන කියන්නේ. ඔහුගේ වැඩකට මාව කාස්ට් වුණා කියන එකම සෑහෙන ලොකු සතුටක් තිබෙනවා.

● Outsider මිනි සීරියස් එක ගැන මොකද හිතන්නේ?

ඇත්තටම ටෙලිනාට්‍ය කන්සෙප්ට් එක ඇතුලේ ෆිල්ම් කැටගරි එකේ ටෙලි නා්‍යයක් බිහිවෙන්නේ පළමු වතාවට වෙන්න ඇති. බූඩි අයියගේම වැඩක් හින්දා වෙන්න ඇති. හරියට විදේශීය නිෂ්පාදන කණ්ඩායමක් එක්ක වැඩකරනවා වගේ අදහසක් මට ආවේ. ෂූටින් වලදී ගත්තු ඒ අත්දැකීම ටීවී එකෙයි යූටියුබ් එකෙයි බලද්දී මම ඒක හොඳින් විඳිනවා.

රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් - අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

● චමත්කාට හම්බ වෙන්නේ වෙනස්ම චරිතනේ?

හිතුවට වැඩිය ඇත්තටම වෙනස් චරිත හම්බවෙන්නේ. කවදාවත් මම හිතුවේ නැහැ මට රෙද්දයි හැට්ටයයි ඇඳගෙන වැඩ කරන්න පුළුවන් වේවි කියලා. මොකද මට ලැබුණු චරිතත් එක්ක. හැබැයි බූඩි අයියගේ වැඩේ ඇතුලේ මම චරිත දෙකක් රඟපානවා. මම හිතුවේ නැහැ මම ආපු මේ කෙටි කාලය තුළ මේ වගේ වෙරයිටීස් චරිත කරන්න හම්බවේවි කියලා. මොකද හුස්මෙන් පස්සේ මට ආපු ගොඩක් වැඩ සරාගී දර්ශන තිබෙන නිර්මාණ.

රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් - අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

● හුස්ම නිසා චමත්කා සරාගී නිළියගේ චරිතයට කොටුවුණාද?

නැහැ. මම හිතනවා මම ඒක කඩාගත්තා කියලා. මොකද අනෙක් රංගන ශිල්පීන්ට වැඩිය මගේ ඒක කන්ට්‍රෝල්. මොකද මට අවශ්‍ය නැහැ එකම කැටගරි එකකට කොටුවෙලා ඉන්න.

● සරාගී නිළිය කියන තැනට කොටුවෙන්න සූදානම් නැහැ?

නැහැ. ඇත්තටම සරාගී නිළිය කියන තැනට කොටුවෙන්න සූදානම් නැහැ. මම කැමැතියි මම මැරෙන මොහොතේ චරිතාංග නිළියක් විදිහට යන්න.

රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් - අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

● චමත්කා කියන්නේ බය නැති නිළියක්, එහෙමද?

බය නැහැ. ඇත්තටම බය කියන්නේ මම පිටපතකට බය නෑ. සැබෑ ජීවිතය චරිතයට ඇත්තටම බයයි. පුද්ගලික ජීවිතය මම එළියේ කතා කරන්නේ නැහැ. මම ඒකට බයයි. මගේ ඇතුලේ චරිතය ඝාතනය කරගන්න මම කැමැති නෑ.

● ඔබ පුද්ගලික ජීවිතය ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැත්තේ ඇයි?

මෑත කාලයේ කතා කළයුතුම කොටසක් කතා කළා. රටේ මිනිස්සුන්ට වැදගත් වෙයි කියලා හිතන පැත්තක් විතරයි කතා කළේ. මම ආස නැහැ මගේ වෘත්තීය ජීවිතයයි පුද්ගලික ජීවිතයයි පටලවා ගන්න. ඔබලා කියන මෙච්චර බය කාණ්ඩයේ වැඩ කරලත් මගේ පවුල සාර්ථකව තියෙන්නේ ඒ හින්දා වෙන්න ඇති.

රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක් - අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ

● වෙනස් පිටපතක් ලියැවුණු ගමන් ඒක එන්නේ චමත්කා අතට?

ඔව්. මෑත කාලයේදී එහෙම එකක් තිබෙනවා. හැබැයි එහෙම එන හැම වැඩේම භාරගන්න තැනක මම නැහැ. මොකද ඒ පිටපත මට දැනෙන්න ඕනෑ.

● පුද්ගලික ජීවිතයට ආපු ප්‍රශ්න නිසාමද තිරයේ ඉන්න ගැහැනියට සාධාරණයක් ඉෂ්ට කරන්න හදන්නේ?

අනේ නැහැ. ගැහැනියට විතරක් නෙමෙයි පිරිමියාටත් සාධාරණයක් ඉෂ්ට කරන්න මම බලනවා. මොකද මම ඒ දෙක ගැන වෙනම හිතන කෙනෙක් නෙමෙයි. මගේ ගෙදර ඇතුලේ ඒ නීතිය කවදාවත් නැහැ. මම කාන්තාවක් හින්දා වෙන්න ඇති කාන්තාවකගේ චරිතය කරන්න හම්බවෙන්නේ. පිරිමි ගැහැණු කියන අය තැන් දෙකක තියලා මනින කෙනෙක් නෙමෙයි.

● හුස්ම ඔබේ ජීවිතයේ ලොකු පිටුවක් පෙරලුවා නේද?

ඔව්, හුස්ම තමයි මගේ ටර්නින්පොයින්ට් එක. මම ඒ කතාව කොහේදීත් කවදත් කියනවා. ඒක මම මැරෙනකම් කියයි.

● ලිංගික දර්ශන රඟපාන්න එපා කියලා සැමියා කියන්නේ නැතිද?

මට ඉන්න හොඳම ප්‍රේක්‍ෂකයා ඔහු තමයි. මගේ ජීවිතයේ මට හම්බවුණ හොඳම ප්‍රේක්‍ෂකයා වගේම හැමදෙයක්ම මටත් කලින් බලන චරිතයක්. දැන් මගේ දරුවා.

● මේ චරිතය මම කළාට කමක් නැතිද කියලා අහනවාද?

සැමියා සමඟ මම කවදාවත් පිටපතක් ගැන කතා කරලා නැහැ. හුස්ම කරද්දී මම කතා කළා. එතැනින් පස්සේ මම ගත්තු කිසිම වැඩක් ගැන කථා කරලා නැහැ. හැබැයි මම කියනවා විතරයි. ඒ ඇරෙන්න උපදෙස් ගන්නවා කියන එක මම එයාගෙන් කරලා නැහැ.

● මේ අවුරුදු හයට කිසිම පිටපතකට සැමියාගෙන් තහංචි වැටිලා නැතිද?

ඔව්. අවුරුදු හයට මට කිසිම බාධාවක් නොදුන් එකම පුද්ගලයා සැමියා තමයි.

● ඒකද චමත්කාගේ සාර්ථකත්වයේ රහස?

ඔව්. මගේ සැමියා වෙන්න ඇති. කොටින්ම කිව්වොත් මගේ පවුල මගේ එකම හයිය. මම මේ ගෙදර දොරින් එළියට බහින්නේ බොහොම සීරෝ වෙච්ච ගැහැනියෙක් විදිහට. මොකද මම රඟපාන්න යන්නේ. ඒ කියන්නේ චරිතයක් ආරූඪ කරගන්න යන්නේ.

● සෙට් එකට ගෙදර ප්‍රශ්න ගෙනියන්නේම නැහැ?

සෙට් එකට මම ගෙදර ප්‍රශ්න ගෙනිහිල්ලම නැහැ. සෙට් එකේ ප්‍රශ්න ගෙදර ගේන්නෙත් නැහැ. මට මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් ඉන්නේ පිරිමි යහළුවෝ. මම හැමෝමත් එක්කම හොඳින් කාල බීලා සතුටින් ඉන්නවා. මම කවදාවත් ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් ගෙදරට ගෙනැල්ලත් නැහැ. ගෙදර ප්‍රශ්නයක් ඒ ගොල්ලන්ට දීලත් නැහැ.

● චමත්කාගේ ගොඩක් මිත්‍රයෝ නළුවෝ තමයි කියලයි අපිට ආරංචිය?

ඔව්. ඒක ඇත්ත. ඔය සෙට් එකේ ගැහැණුත් ඉන්නවා. හැබැයි බහුතරය පිරිමි යාළුවෝ.

කවදාවත් ඒ පිරිමින්ගෙන් මට අයුතු යෝජනාවක්වත් කිසිම අපහසුතාවයට ලක්වෙන දෙයක් වත් වෙලා නැහැ. මොකද ඒ මිනිස්සු දන්නවා මගේ පවුල මොකක්ද කියන එක වගේම මම ඉන්න විදිහත් දන්නවා.

● චමත්කත් එක්ක රඟපෑ ගොඩක් නළුවෝ කියනවා මාර නිළියක් කියලා?

වැඩක් ඇතුලේ ඒ ගොල්ලෝ දෙන සපෝර්ට් එක මට මාර වැදගත්. දසුන් කියන්නේ මට හම්බවුණ ඉතාම සපෝර්ටින් නළුවෙක්. මොකද මට ඒ දෙන සපෝර්ට් එක නැතිනම් කැරැක්ටර් එකක් බිල්ඩ්අප් කරගන්න අමාරුයි. සමහර දර්ශනවලදී අපි කතාවෙලා කරනවා. නිදහස දෙනවා ඒක මට ඕනෑ විදිහට කරන්න. ඒක හින්දම වෙන්න ඇති ඒ ගොල්ලො මගේ අමු කෑල්ලක් තියෙන්නේ කියලා. අමු කෑල්ල පොලිෂ් කරන්න ගියොත් මට රඟපාන්න බැරිවෙනවා.

● චමත්කා චරිතයකට කිඳාබැසීමක් කරනවා. එහෙම නේද?

මම මිනිස්සුන්ට බයයි. මම කැමරාවට බය නෑ. මම කැමරාව පිටිපස්සේ ඉඳගෙන වැඩකරන්නේ නෑ. කැමරාව ඉස්සරහ ඉඳගෙන වැඩ කරන්නේ. ඒක හින්දයි මට නමක් තියෙනවා කියන්නේ. මම ඒක හරි ආසාවෙන් කරන්නේ. මට ඒකට කියන්න වචන නෑ. මම මේකට කොච්චර ලව්ද කියන්න වචන නෑ.

● චමත්කාට නළුවෝ බයයිද?

මම මෙච්චර කල් වැඩකරපු කට්ටිය දන්නවා චමත්කා කියන්නේ හරි විවෘත චරිතයක් කියලා. කෙලින්ම මූණට කියනවා කියලත් දන්නවා. ඇත්තටම මට සෙට් එක ඇතුලේ ප්‍රශ්න නැහැ.

● ඔය අතරේ අලුත් ආරාධනා ලැබිලා තියෙනවාද?

ලැබිලා තියෙනවා. මම මෙගා කන්සෙප්ට් එකේ වැඩ කරන්නේ නැහැ. මිනිසීරියස්, සෝර්ට් ෆිල්ම්ස් කරනවා. මේ අවුරුද්දේ අජිත් ධර්මසූරියගේ වර්ණ කියලා චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා.

● ජීවිතය ගැන ආපසු හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

මට තවම අවුරුදු 25 යි. මේ විසිපහට මම සෑහෙන දේවල් ළඟාකරගෙන තිබෙනවා. මොකද මම කිසිම දෙයක් නැතිව රුපියලෙන් ජීවිතය පටන් ගත්තු ගැහැනියක්. අඩුම තරමේ ගෙයක්වත් තිබුණේ නෑ. ඒ සියල්ලන්ටම හරියන්න මට සෑහෙන යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ ගොල්ලොත් එක්ක බලද්දී මගේ ජීවිතයේ අතීතය ගැන හැරිලා බලද්දී බොහොම කටුක ජීවිතයක් ගෙවලා තියෙන්නේ. හැබැයි මට ඒ ගැන කවදාවත් පසුතැවීමක් නෑ. මොකද මම ගොඩක් දේවල් ළඟාකරගෙන ඉවරයි.

● කලකිරීම් තියෙනවාද?

කලකිරීම් තියෙනවා. කලකිරීම් කියන දේවල් හිතාගෙන විසිහතර පැයේම කල්පනා කළොත් අපි පීඩාවට පත්වෙනවා. මම එහෙම අවස්ථා අත්විඳලා තියෙනවා. හැබැයි දැන් පුංචි හරි දුකක් ආවෙත් කාමරයට ඇවිත් අඬලා හරි ඒක ඉවර කරලා පල්ලහට බහිනවා කිසිම දෙයක් නොවුන ගාණට.

● අවුරුදු 25 ට මේ ආපු ගමන ගැන අම්මා එහෙම මොනවද කියන්නේ?

අම්මා සමහර තැන්වලදී අදටත් මාව තේරුම් ගත්තු නැති චරිතයක් විදිහට පෙනෙනවා. සමහර තැන්වලදී ඉතාමත් හොඳින් මාව තේරුම් ගත්තු චරිතයක්. හැබැයි පවුල කියන තැනදී මට ඉඳලා තියෙන්නේ අම්මා විතරයි. එතැනින් එහාදී මගේ පවුලේ කියන අය කවුරුත් ඉඳලා නැහැ. මහත්තයා, දරුවා හම්බවෙන්න කලින් මගේ ජීවිතයේ ඉඳලා තියෙන්නේ අම්මයි මායි විතරයි.

● ගොඩක් නිළියන්ට තියෙන හීන චමත්කාට නැත්තේ ඇයි?

මම හරිම ආසයි බොහොම සයිලන්ස් එකේ ඉන්න. මම හරි කැමැතියි එළියට බැස්සහම මාව කවුරුවත් අඳුරන්නේ නැතිනම්. හැබැයි හියුමන් එරස් එකෙන් පස්සේ ගොඩක් කට්ටිය මාව අඳුරගෙන. එළියට බැස්සහම මට ඒ වෙනස තේරෙනවා. හුස්ම කළහමවත් මාව කවුරුවත් අඳුරගත්තේ නෑ. මොකද ඒ කාලේ ප්‍රෙග්නට් වෙලා මහත්වෙලා එහෙමනේ. හැබැයි හියුමන් එරස් එකෙන් පස්සේ සෑහෙන වෙනසක් තේරෙනවා.

● සෝෂල් මීඩියා කැම්පේන්වල, ෆන්ෂන්වල පේන්න නැහැ. මොකද මේ?

මට ආරාධනාවක් ලැබුණොත් චිත්‍රපට මංගල දර්ශනයකට අනිවාර්යයෙන්ම යනවා. ලංකාවේ චිත්‍රපටයක් බලන්න මම ටිකට් එකක් හරි අරගෙන යන කෙනෙක්. සෝෂල් මීඩියා රත් කරන්න කැමැති කෙනෙක් නෙමෙයි. මගේ පේජ්වල කැම්පේන් කරලා නැතිනම් ඩොලර් දීලා කාවවත් අරගෙන නැහැ.

දිනේෂ් විතාන
ඡායාරූප – අන්තර්ජාලය ඇසුරිනි

advertistmentadvertistment
advertistmentadvertistment