දියර කිරි මිලත් වැඩි කරන්න ඉල්ලීම් – රටින් ගෙන්වන ඇසුරුම්වලට රජයෙන් 5% ක බද්දක්

177

දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කෙරෙන ඇසුරුම්වලට රජය විසින් සියයට පහක බද්දක් පනවා ඇති හෙයින් අදාළ එම සමාගම් දියර කිරි මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

එහෙත් දියර කිරි මිල ගණන් ඉහළ නැංවීමට මෙතෙක් තීරණය කර නැතැයිද පශු සම්පත් මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ ට සඳහන් කළේය.

බද්ධ ඉවත් කර ගැනීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බවත් කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීමෙන් දියර කිරි කර්මාන්තකරුවන්ට බලපෑම් එල්ලවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment