ජෙරොම් ඔන්ලයින් ඔස්සේ සමාව ඉල්ලයි:

318

දේව මෙහෙයට – අනුගාමිකයෝ – ආරක්‍ෂාව ඉල්ලති:
පොලිසිය බැහැ කියයි

කටුනායක, මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි “මිරකල් ඩෝම්” නමැති දේවස්ථානයේදී ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් සෑම ඉරිදාවකම පෙරවරුවේ පවත්වනු ලබන දේව මෙහෙය ඊයේ (21දා) නොපැවැත්වූ බව කටුනායක පොලිසිය පවසයි.

වෙනත් ඉරිදා දිනවල පෙරවරුවේ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් කටුනායක මිරකල් ඩෝම් නමැති දේවස්ථානයේදී පවත්වනු ලබන දේව මෙහෙය සඳහා අනුගාමිකයන් විශාල පිරිසක් පැමිණෙන බව පොලිසිය පවසයි.

ඊයේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා නොමැතිව දේව මෙහෙය පැවැත්වීමට අනුගාමිකයන් පිරිසක් පොලිසියෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටියද පොලිසිය ඊට ආරක්‍ෂාව ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ. දේව මෙහෙයට සහභාගිවීම සඳහා පැමිණ සිටි අනුගාමිකයන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටුනායක පොලිසිය කටයුතු කිරීමෙන් අනතුරුව එම අනුගාමිකයන් ඉවත්ව ගිය බව පොලිසිය කියයි. කටුනායක පොලිසිය මගින් එම දේවස්ථානය අවට ආරක්‍ෂාව තර කර ඇති අයුරු දක්නට ලැබුණි.

බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉකුත් 15 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටියේය.
චතුර පමුණුව, ශිරාන් රණසිංහ මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment