අසාධාරණය හමුවේ මරුවා ඇස් වසාගනී..! – ත්‍රිරෝද රථයේ තට්ටුව කඩා වැටී ගැබිනි බිරිඳට සහ සැමියාට තුවාල

105

දින කිහිපයකට පෙර මිලදීගත් ත්‍රිරෝද රථයක තට්ටුව කඩාවැටීමෙන් එහි ගමන් කළ ත්‍රිරෝද රථ හිමිකරු සහ ඔහුගේ ගැබිනි බිරිය තුවාල සිදුවී ඇති හෙයින් ත්‍රිරෝද රථය අලෙවිකරුට එරෙහිව අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

මීට සතියකට පමණ ඉහතදී රුපියල් තුන්ලක්ෂ අනූ දහසක මුදලකට ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම ත්‍රිරෝද රථ අලෙවි කරන ස්ථානයකින් මිලදීගත් ත්‍රිරෝද රථයේ දිරාගිය තට්ටුව කැට්ලොයි දමා වංචනික ලෙස වසා තමාට අලෙවි කර ඇති බවත්, ඒ සඳහා වන්දිය ලබා දෙන ලෙස ඉල්ලමින් බළපිටිය ආඳාදොළ පදිංචි ඒෂාන් කණිෂ්ක රංගනාත් (27) නමැති අය මෙසේ පැමිණිලි කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. තමා අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පරිගණක ආයතනයක සේවය කරන බවත්, ලීසිං සමාගමකින් ලීසිං පහසුකම් ලබා ගනිමින් මෙම ත්‍රිරෝද රථය මිලදී ගත් බවත්, ගැබිනි බිරිය සමඟ ගමන් කරද්දී මෙම අනතුර සිදුවූ බවත් පැමිණිලි කර තිබේ. මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment