නිසි ප්‍රමිතියට නැති  රු. කෝටි 305 ක පෙට්‍රල්  සපුගස්කන්දේ ගොඩගසයි

318

රුපියල් කෝටි 305 ක් පමණ වටිනා ඔක්ටේන් 92 ට අඩු ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 6780ක් පමණ වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකිව සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ ගබඩා කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.

වරින්වර පිරිපහදුව වසා දැමීම නිසාත් නිසි ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීමේදී ලැබුණ ඔක්ටේන් 92 ට අඩු පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 6780 ක් පමණ මෙලෙස ගබඩාවල තැන්පත් කර තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය ඔක්ටේන් 80 සීමාවේ තිබෙන නිසා ඒවා වෙළෙඳ පොළට නිකුත් කළ නොහැකිව ටැංකි හයක අසුරා ඇතැයි නිලධාරීහු කියති.

මේ සම්බන්ධව සමගි ජන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් විමසූවිට කියා සිටියේ එම පෙට්‍රල්වල ප්‍රමිතිය ඔක්ටේන් 80 මට්ටමක බව තමාට තොරතුරු ලැබී ඇති බවයි.

පසුගස්කන්ද පිරිපහදුවට ගෙනැවිත් තිබෙන බොරතෙල් නිසි ප්‍රමිතියෙන් තොර බවට කිහිපවතාවක්ම හෙළිකළ බවත් එම බොරතෙල්වල සල්ෆර් ප්‍රමාණය වැඩි බවට පිරිපහදු නිලධාරීන් පෙන්වාදී තිබෙන බවත් ඒ මහතාද කියා සිටියේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment