ග්ලුකොමා රෝගීහු ඖෂධ තර්ජනයක

135

මෙරට ජනගහනයෙන් වයස අවුරුදු 40 ට වැඩි සියයට 03 ත් 05 ත් අතර පිරිසක් ග්ලුකෝමා තත්ත්වයෙන් පෙළෙන බවත් ඔවුනට අවශ්‍ය නිසි ප්‍රතිකාර නොකොළොත් ඔවුන් සදා අන්ධභාවයට පත්වීමේ තර්ජනයක් පවතින බවත් ශ්‍රී ලංකා අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්‍ෂි වෛද්‍ය විශේෂඥ කේ. ඒ. සැල්වින් මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

දැනට උද්ගතව පවතින ඩොලර් හිඟය හේතුවෙන් ග්ලුකෝමා රෝගීන් සඳහා අක්‍ෂිවලට ලාබාදෙන බෙහෙත් කුප්පියක් රුපියල් දහසේ සිට රුපියල් පන්දහස දක්වා වැඩිවී ඇතැයිද ඇතැම් ග්ලුකෝමා තත්ත්වයෙන් පෙළෙන අය සඳහා දිනපතාම ඖෂධ වර්ග දෙක තුන බැගින් භාවිත කිරීමට සිදුව ඇතැයිද සඳහන් කළ අක්‍ෂි වෛද්‍ය විශේෂඥ සැල්වින් මහතා නිසි ප්‍රතිකාර නොලැබුනහොත් නැවත කිසිදු අයුරකින් පෙනීම ලබා ගැනීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් ඇති විය හැකි බැව්ද සඳහන් කළේය.

දෘෂ්ටි ආබාධවලින් පෙළෙන පිරිස් සඳහා කාච බද්ධ කිරීමේදී රජයේ හා පෞද්ගලික රෝහල්වලට අවශ්‍ය කාචවල දැඩි හිඟයක් පවතියි. ඩොලර් හිඟය නිසා එලෙස කාච වර්ග මෙරටට ආනයනය කරන සමාගම්වලට කාච ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බැව්ද වාර්තා වේ.

දියවැඩියාව නිසා වසරකදී ශ්‍රී ලංකාවේ හාරදහසක පිරිසක් ස්ථීර අන්ධභාවයට පත්වෙයි.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment