දික්කසාද බිරිය සැමියාගේ දෙවැනි බිරියගේ ගෙල කපා මරා දමයි

159

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

ඊයේ (09 වැනිදා) උදේ ඝාතනය සිදුව තිබේ.

කුලී පදනම මත තාවකාලිකව පෙදරේරුවකු සමඟ ඝාතනයට ලක් වූ කාන්තාව ජීවත් වී තිබේ. අදාළ පෙදරේරුවා ඊයේ උදේ නිවසින් පිටව ගිය අවස්ථාවේදී මෙම ඝාතනය සිදුකර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියක් හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කසාද බිරිඳ බවත්, අනෙක් සැකකරු එම කාන්තාවගේ (සැකකාරිය) බාල සොයුරා බවත් පොලිසිය කියයි.

පෙදරේරුවා නිවසින් පිටවී ගිය අවස්ථාවේ ඝාතනයට සම්බන්ධ සැකකාරිය හා සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන අදාළ අපරාධය සිදුකර තිබූ බව හෙළිවිනැයි ද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල, කටුවන පදිංචිව සිටි වැන්දඹුවක් වු 52 හැවිරිදි කාන්තාවකි.

ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment