මානව අයිතීන් උල්ලංඝනය කරන ප්‍රචණ්ඩත්වය නතර කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන්න – ඇමැති මණ්ඩලය ජනාධිපතිගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

80

මානව අයිතීන් උල්ලංඝනය වන පරිදි සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයන් නතර කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඉකුත් මැයි 09 වැනිදා ඇරඹුණු අරගලයට වසරක් පිරුණු ඊයේ (මැයි 09 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමට පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරයට වසරක් සපිරෙන මේ මොහොතේ යළි කිසිදු දිනක එවැනි තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයිද ඇමැතිවරයා එහිදී පැවසීය.

තමන් කැමැති ආගමක් ඇදහීමට, තමන් කැමැති දේශපාලනයක් කරන්න, තමන් කැමැති සංස්කෘතියක් වැළඳ ගන්න මනුෂ්‍යයනට තිබෙන අයිතිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇතැයිද පෙන්වා දුන් ඇමැතිවරයා ජනතාවට නිදහසේ ගමන් බිමන් යෑමට සහ තමන්ගේ නිවස තුළ ජීවත් වීමට තිබෙන අයිතිය උල්ලංඝනය වන අන්දමට සිදු කෙරෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා එවැනි කොමිසමක් අවශ්‍ය බව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයිද සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment