රු. බිලියන 85ක් මොරගහකන්දේ උමගක හිරවෙයි

1401

*රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුව වාරිමාර්ගයෙන් නිදහසට කරුණු අසයි

 මොරගහකන්දේ සිට මහකනදරාව වැව දක්වා ජලය ගෙනයෑම සඳහා උමගක් ඉදි කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් බිලියන 85 ක මුදලක් ප‍්‍රශ්නගත තත්ත්වයකට පත්ව ඇත. එම මුදල ලබා ගැනීමේදී නිසි ක‍්‍රියාමාර්ග අනුව කටයුතු කර නැතැයි හෙළිව තිබේ.

 රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුව මේ පිළිබඳව ප‍්‍රශ්න කරමින් වාරිමාර්ග අමාත්‍යාංශයට ලිපියක් යොමුකොට ඇත. උමග ඉදිකිරීම සඳහා ණය ලබා ගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ කොන්දේසිවලට අනුව කටයුතු කර නැති බැවින් එයට හේතු දක්වන ලෙස රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුව එම ලිපිය මගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

 මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා ගැනීමේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ ලබාගැනීම වෙනුවට විශේෂයෙන් පත්කරන ලද තාක්ෂණික කමිටුවක උපදෙස් ගැනීමට එම අමාත්‍යංශය කටයුතු කර ඇත.

 මොරගහකන්ද ජලාශය සහ මහ කනදරාව වැව අතර ඉදිකෙරුණු මෙම වැව උමගට ඇමරිකන් ඩොලර් මිලියන 243 ක් හෙවත් රුපියල් මිලියන 48600 ක් වැයවන බව ඇස්තමේන්තු කර තිබිණ. මෙය ලංකාවේ දීර්ඝතම උමං මාර්ගයයි.

advertistmentadvertistment
advertistmentadvertistment