අදින් පසු පාසල් නිවාඩු – සිසුන්ගෙන් 60%කට දෙසැම්බර් 31දාට පෙර නිල ඇඳුම් රෙදි

299

රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවැනි පාසල් වාරය අදින් (23දා) අවසන් වෙයි. නව පාසල් වාරය 2022 ජනවාරි 03වැනිදා ආරම්භ කෙරේ.

පාසල් නිවාඩු ලබාදීම සිදුකළත් දරුවන් සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31වැනිදා වනවිට දරුවන්ගෙන් සියයට 60කට ලබාදීමටත් ඉතිරි සියයට 40 පාසල් ආරම්භ කර ජනවාරි මාසය අවසන් වීමට පෙර ලබාදීමටත් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (22දා) පැවසීය.

නිල ඇඳුම් රෙදි ලබාදීම මෙරට දේශීය ව්‍යාපාරිකයන් සිවුදෙනෙකු විසින් සිදුකරන බවත් ඔවුන් විසින් ලබාදෙන නිල ඇඳුම් රෙදි කලාප අධ්‍යක්ෂවරුන් මගින් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට ලබාදී දරුවන්ට ලබාදීමට කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment