කංසා කැබිනට් පත්‍රිකාවක් ආවේ නෑ – ඇමැති බන්දුල සහ රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි කියති – ඩයනා කියන්නේ බොරුද?

250

ඖෂධීය කංසා ශ්‍රී ලංකාව තුළ වගාකර අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කිසිදු කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (05දා) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එබැවින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව තමාට වගකීම භාරගත නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමි වූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

දේශීය වෛස රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් මේ සම්බන්ධව කළ විමසීමේදී පැවසුවේ දේශීය ඖෂධ නිෂ්පාදනයල බෙදාහැරීමල ආයුර්වේද ප්‍රතිකාර සිදුකිරීම ආදිය සම්බන්ධව දැනට පවතින නීතිරීති සංශෝධනය සඳහා පිටු 160කින් යුත් යෝජනා මාලාවක් කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇතත් පෙරේදා (05දා) පැවති කැබිනට් රැස්වීමට එය ඉදිරිපත් කර නැති බවයි.

සෑම අමාත්‍යාංශයකින්ම කැබිනට් අනුමැතිය සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. ප්‍රමුඛත්වය අනුව ඒවා කැබිනට් මණ්ඩලය විසින් සලකා බලනවාග පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී අප අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා මාලාව කැබිනට් අනුමැතිය සඳහා යොමුකර නැහැ. එසේම අප ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවේ කංසා වගාව සඳහා විශේෂ අවසරයක් ඉල්ලා නැහැ.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථාන සම්බන්ධව ගැටලු රාශියක් පවතිනවා. දැනට ක්‍රියාත්මක නීතිරීති වලට අනුව ඇතැම් ප්‍රතිකාර මධ්‍යස්ථාන සම්බන්ධව අපට වගකීමක් නැහැ. එනිසා මෙම ගැටලු නිරාකරණය කරගෙන ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට අදාළ යෝජනා මාලාවක් අප ඉදිරිපත් කර තිබෙනවා යැයි ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment