මෙරට මිලියන 6 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන්: කුසගින්නේ පෙළෙන් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

100

මෙරට මිලියන 6.3 වූ ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බැව් ලෝක ආහාර වැඩසටහන සහ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ භෝග හා ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම් වාර්තාවට අනුව දළ වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ද ඇස්තමේන්තුකොට ඇත. එමෙන්ම ආහාර කෘෂිකාර්මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන විසින් කුසගින්නෙන් පෙළෙන රටවල් ලෙස නම් කරනු ලැබූ රටවල් 48 ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවද එක්කර ඇත. මෙකී සංවිධානය මගින් ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ සිදු කරනු ලැබූ පූර්ව අනතුරු ඇඟවීම්වලදී උග්‍ර ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් අයහපත්වීමේ තත්ත්වය අවධාරණය කොට ඇත.

මෙරට වතු, නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ ඇතුළත්ව පළාත් නමයම ආවරණය කරමින් සිදු කරනු ලැබූ සමීක්‍ෂණ මත පදනම්ව මෙකී වාර්තාව නිකුත් කොට ඇත.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment