සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

395

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාස 3 ක කාලයේදී උපත ලද ක්ෂීරපායී සත්ත්ව පැටවුන් පස්දෙනකුට නම් තැබීමට අවුරුදු 18 ට අඩු දුවා දරුවන්ට ආරාධනා කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘‘දිවයින’’ට පැවසුවාය.

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

බුරු පැටියා, හිපෝ පැටියා, ඔරික්ස් ගව පැටියාට හා සිළු වඳුරු පැටවුන් දෙදෙනකුට මෙලෙස නම් තැබීමට නියමිත බවද ඇය සඳහන් කළාය.

මෙම පැටවුන් 5 දෙනාට නම් තැබීමට කැමති දුවා දරුවන් එම නම් දෙසැම්බර් 20 වැනිදාට පෙර 0706188488 යන අංකයට එස් එම් එස්, වට්ස් ඇප් හෝ nationalzoo.gov.lk යන ෆේස්බුක් පිටුව හරහා යොමු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

එම පනිවිඩයේ සත්ත්ව පැටවා, යෝජිත නම, ඔබගේ නම, වයස, පාසල සහ ලිපිනය ද සටහන් කර එවන ලෙසද ඇය දූදරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

එක් එක් පැටවාට දූ දරුවන් විසින් යෝජනා කරන ලද නම් අතුරෙන් ඉතාම සුදුසු නම තෝරාගනු ලබන බවත් එම තෝරාගත් නම් එම සත්ත්ව පැටවුන්ට නම් තැබීමේ උත්සවය පැවැත්වෙන නත්තල් දිනය දා තබන බවත් ඇය සඳහන් කළාය.

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

එම නම් තබන සත්ත්ව පැටවුන් 5 දෙනාට අදාළ නම් එවන ලද දූ දරුවන් (තෝරාගත්) 5 දෙනාට ත්‍යාග පිරිනැමීමට නියමිත බවද ඇය කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, පින්සිරි ආරියරත්න – රත්මලාන සහ ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment