කැලේ යවපු ඖෂධ වටිනාකම ඩො:මි 20ක්

92

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් මෙරටට ගෙන්වනු ලැබූ ‘මෙරපනම්’ ඇතුළු බහාලුම් හතළිහක ඇති ඖෂධවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් බව සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී.

ගෙන්වනු ලැබ ඇති මෙම ඖෂධ තොගය මේ වනවිට කැලණිය, වත්තල සහ වැලිසර ප්‍රදේශවල බහාලුම් තුළ ගබඩා කර ඇති බවත්, මේ දක්වා එම ප්‍රතිජීවක ඖෂධ තොගය භාර ගැනීමට වෛද්‍ය සැපයුම් ඒකකය ක්‍රියාකර නැති බවත් සෞඛ්‍ය අංශ කියයි.

නිසි සම්බන්ධීකරණයක් නොමැතිව එකම ඖෂධය නැවත නැවත ඇණවුම් කර මෙම ‘ඖෂධ මාෆියාව’ ක්‍රියාත්මක කර ඇති බවත්, මෙම ඖෂධ තොගය අතුරින් ‘මෙරපනම්’ සහ ඉමිපෙනම්’ ප්‍රතිජීවක ඖෂධ තොගයේ වටිනාකම පමණක් ඩොලර් මිලියන 2ක් බවත් කියන සෞඛ්‍ය අංශ ඖෂධ දත්ත පද්ධතියක් නොමැති තත්ත්වයක් යටතේ මෙරට පවතින ඖෂධ හෝ රෝහල් පද්ධතියේ හිඟව පවතින ඖෂධ හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද කියයි.

මෙම තත්ත්වයට හේතුවී ඇති ඖෂධ සැපයුම් ජාලයේ බිඳ වැටීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment