ඉරානයට ද්විත්ව පරාජයක් – එංගලන්ත විදේශ ඇමැති

526

ඉරානය විසින් ඉකුත් සති අන්තයේදී ඊශ්‍රායලයට එල්ල කර ඇති ප්‍රහාරයෙන් ඉරානයට පරාජයන් දෙකක් අත් වී ඇති බව එංගලන්ත විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසා තිබේ. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවයට ප්‍රකාශයක් කර ඇති එංගලන්ත විදේශ ලේකම්වරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයට එල්ල කර ඇති ඉරාන ප්‍රහාරය අසාර්ථක වීම හා ලෝකයාට ඉරානයේ සැබෑ මුහුණුවර මෙම ප්‍රහාරයෙන් ප්‍රදර්ශනය කිරීම ඉරානය අත් කරගත් පරාජයන් දෙක බවයි.

ඉරානයේ ප්‍රහාරයට පිළිතුරු සැපයීමේදී ඊශ්‍රායලය බුද්ධිමත් වීම මෙන්ම තදින් සිටීම අත්‍යවශ්‍ය බව විදේශ ලේකම් කැමරන් සඳහන් කර තිබේ. මේ අතර ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ බෙනී ගාන්ට්ස් පවසා ඇත්තේ ඉරානය සිදු කළ ප්‍රහාරයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment