නීති සිසුන් වෙනුවෙන් සජිත් සහ විමල් එක පැත්තක

128

නීති විද්‍යාලයේ විභාග ගාස්තු වැඩිකිරීමෙන් බොහෝ සිසුන් අපහසුවට පත්වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසීය. ඔහු විමසා සිටියේ එසේ ගාස්තු වැඩිකිරීමට පදනම කුමක්ද යන්නය.”නීති විද්‍යාලයට ඇතුළත් වීමේ විභාග ගාස්තුව ගැසට් පත්‍රය මඟින් ඉතා විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. 257%කින් මේක ඉහළ දාලා. ප්‍රවේශ විභාග ගාස්තුව 150%කින් වැඩි කරලා. සිසුන්ට දරා ගත නොහැකි තත්ත්වයක්. පළමු වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67,500ක්. එයාලා මේක දෙකට කඩලා 40,000ක් 27,500ක් විදියට ගෙවන්න ගිහින් 27,500ත් ගෙවන්න බැරුව ඒකත් දෙකට කඩලා ගෙවන්න කටයුතු කරලා තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. විභාග ගාස්තුව රු 2,500කින් වැඩිකළාම විෂයන් 8කට තවත් රු 20,000ක් වැඩි වෙනවා. ඇත්තටම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින් ද ? ගාස්තු වැඩිකළ යුතුනම් සිසුන්ට අසහනයක් වෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා මේ වැඩිවීම අත්හිටුවලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවා ද කියලා නැවත කතා කරන්න.”මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ නීති ක්ෂේත්‍රය එක් පැලැන්තියක් සඳහා වෙන් කිරීමට සැලැස්මක් ඇති බව පෙනී යන බවය.”අධිකරණ ඇමති මීට කලින් ගෙනවා ගැසට් එකක්. ඒක මේ පාර්ලිමේන්තුව පරාජය කරා. සිංහල හා දෙමළ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගවලට මුහුණදෙන්න. එතනින් උත්සාහ කළේ එක්තරා බමුණුකුලයකට පමණක් නීති කේෂ්ත්‍රයේ ආධිපත්‍ය පතුරුවා ගැනීමට. ඒ සභාවේ මන්ත්‍රීවරු පරාජය කළා. අධික ලෙස මිල වැඩිකිරීමෙන් වෙන්නෙත් ඒක යැයිද පැවසීය..

advertistmentadvertistment
advertistmentadvertistment