වනජීවී පුරප්පාඩු ගොඩයි; පුරවන්නේ ටිකයි

358

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 738ක් ඇතැයි වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.ඉන් පුරප්පාඩු 32ක් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ද සදහන් කළාය.ඒ අනුව අඩවි ආරක්ෂක තනතුරු 20ක් සහ වනසත්ව නියාමක තනතුරු 12ක් ද සීමිත පදනමකින් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසුවාය. දැනට වනසත්ව අඩවි ආරක්ෂක තනතුරු 164ක්, වනසත්ව අඩවි සහකාර තනතුරු 123ක් සහ වනසත්ව නියාමක තනතුරු 451ක් දැනට පුරප්පාඩුව පවතින බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment