සිපෙට්කෝත් ඉන්ධන මිල වැඩි කරයි

1126

ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන ඩීසල් සහ පෙට්‍රල් මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇත.ඒඅනුව ඔක්ටේන් 92 රුපියල් 77කින් වැඩි කර ඇත.එහි පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 76කින් වැඩිකර තිබේ.එහි ලීටරයක නව මිල රුපියල් 283කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දමා තිබේ. එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 176කි.සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 95කින් වැඩි කර තිබේ.එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 254කි.

advertistmentadvertistment
advertistmentadvertistment