යාපනයේ උරුම්පිරායී ළිඳෙන් ගොඩගත් තිදරු මවගේ මරණය අභිරහසක්

289

අබිරහස් ලෙස මියගිය යාපනයේ උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ මළ සිරුරක් ඇගේ නිවසට පිටුපස ළිඳකින් 11 දා හමු වී තිබේ.

යාපනයේ උරුම්පිරායී ගම්මානයේ පදිංචි වයස අවුරුදු 37 ක මෙම සේවිකාව රාත්‍රි ආහාරය ගෙන පවුලේ අය සමග නින්දට ගොස් ඇති අතර පසුදා උදෑසන ඇය නිදා සිටි ස්ථානයේ නොමැති නිසා පවුලේ උදවිය ඇයව සොයන විට ඇගේ මළ සිරුර ළිඳක තිබෙනු දැක තිබේ. වහාම මේ පිළිබඳව කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ ඇගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත බාර දී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගේ මවක් වූ ආර්. නියාලිනි (37) නමැති අයෙකු වන අතර ඇය යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ස්ථාන මාරුවීමක් ලබා ගෙන පැමිණ ඇත්තේ මීට මාස හතරකට ඉහතදී බවට තොරතුරු හෙළි වී තිබේ. යාපනයේ කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment