වගකිවයුත්තන් මර නින්දට වැටෙද්දී අනුරාධපුර නුවර වැවත් කම්මුතුයි

1056

බහිරවයෝ වැව ගොඩකර හෝටල් හා මන්දිර හදලා – ගොවි සංවිධාන හා සිවිල් සංවිධාන කියයි

දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ හෝටල් සහ මන්දිර ඉදිකිරීම හේතුවෙන් අනුරාධපුර නගරයේ හදවත බඳු නුවර වැව විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බව අනුරාධපුර ගොවි සංවිධාන හා සිවිල් සංවිධාන පවසයි.

අනුරාධපුර නගරයේ ජනතාවට පානීය ජලය මෙන්ම වගාවට අවශ්‍ය ජලය සැපයෙන ප්‍රධාන ජල පෝෂිතයක් වන අනුරාධපුර නගරයට යාබදව පිහිටි නුවර වැව මේ වන විට ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මෙම වැවෙන් කුඹුරු අක්කර 2600 කට වැඩි ප්‍රමාණයකට ජලය සැපයෙන අතර ජල පාරිභෝගිකයින් 35,000 ක් පමණ තම පානීය ජල අවශ්‍යතා සපුරා ගනිති. අනුරාධපුර නගරයේ හදවත බඳු නුවර වැව මේ වනවිට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ හෝටල් සහ මන්දිර තැනීම වෙනුවෙන් ගොඩ කරමින් සිටින බව නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පූජ්‍ය රත්ගම සමිත හිමියෝ පැවසූහ.

වගකිවයුත්තන් මර නින්දට වැටෙද්දී අනුරාධපුර නුවර වැවත් කම්මුතුයි
වගකිවයුත්තන් මර නින්දට වැටෙද්දී අනුරාධපුර නුවර වැවත් කම්මුතුයි

මෙම අයට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවුනහොත් ඉදිරියේදී නුවර වැව පමණක් නොව සමස්ත රටේම වැව් අමුණු හා ඇළවේලි, ගංගා යන සියල්ල විනාශ වීමට හැකි බවද උන්වහන්සේ කීහ. මේ වන විට දේශපාලන අධිකාරිය, දේශපාලනඥයන්ගේ හිතවතුන්, වෘත්තිකයින් හා ප්‍රදේශවාසීන් යන පාර්ශවයන් අනුරාධපුර නුවර වැවට තර්ජනයක්ව පවතින බවත් මෙම තර්ජනය 1990 වර්ෂයේ සිට ආරම්භ වී ඇති බවත් නුවර වැව සුරැකීමේ සංවිධානය කැඳවුම්කරු, මිනින්දෝරු අජිත් මුණසිංහ මෙහිදී මහතා පැවසීය. අනුරාධපුර නුවර වැවේ භූමි ප්‍රමාණය දිනෙන් ගොඩ කරමින් පවතින මෙම ක්‍රියාව නැවැත්වීම සඳහා බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර යුක්ති කේන්ද්‍රය සම්බන්ධ කරමින් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment