සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කර නෑ – අතවර නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කරයි

69

මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරගතව සිටින රැඳවියකුගේ නිවසට ඇතුළු වී ඔහුගේ බිරිඳ දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව විභාග කළ ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වීම නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් කළාය.

මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මුකන්දගේ කසුන් සම්පත් කුමාර නමැති විත්තිකරුවෙකි. හබරාදුව පොලිස් වසමේ වංචාවලදී 2015 පෙබරවාරි 17 වැනිදා 35 හැවිරිදි එක් දරු මවක දූෂණය කිරීම සම්බන්ධයෙන් එවකට 22 හැවිරිදි වියේ පසුවූ විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි.

නඩු විභාගයේදී අනාවරණය වූයේ දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියා මරණීය දණ්ඩනයට නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර මරණීය දණ්ඩනය ඉවත් කරවා ගැනීමට අභියාචනයක් ද ඉදිරිපත් කර ඇති බවය. කාන්තාව වෙනත් පිරිමියකු සමග නිවසේ සිටින බවත් විත්තිකරු එම පුද්ගලයා සමග මත්පැන් පානය කරමින් සිටියදී ඔහු තමා විසින් කරන ලද සොරකමක් පිළිබඳව විත්තිකරු සමග පවසා ඇති බවත් විත්තිකරු ඒ බව පොලිසියට පැවසීමෙන් පසු පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු විත්තිකරු නිවසට ඇතුළු වී දරුවා බලා සිටියදීම කාන්තාව දූෂණය කර ඇති බවත් පැමිණිල්ල කියා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ඈපා අරුණ සාන්ත මහතා පෙනී සිටියේය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment