අම්මාගේ මාල හොරා අල්ලන්න පස්සෙන් පැන්නූ පුතාගේත් මාලය කොල්ලකාලා

676

මවකගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන පලායමින් සිටි පුද්ගලයකු අල්ලා ගැනීමට ඔහු ලුහුබැඳ ගිය පුතකුගේ ද ගෙල බැඳි රන් මාලය අදාළ කොල්ලකරු විසින් කොල්ලකා පලාගොස් ඇත.

මීගමුව, දුන්ගාල්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී මෙම සිද්ධිය වී තිබේ.

මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව සිය නිවස ඉදිරිපිට පාරේ සිටියදී පැමිණි කොල්ලකරු ඇගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන තිබේ. ඒ මොහොතේ “හොරෙක්, හොරෙක්” කියා ඇය කෑ ගසා ඇත. මවගේ කටහඬ ඇසී එම ස්ථානයට පැමිණ ඇති පුතා පලායමින් සිටි සැකකරු ලුහුබැඳ අල්ලා ගැනීමට උත්සාහ කර තිබේ. ඒ මොහොතේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වී ඇති කොල්ලකරු උල් පිහියක් පෙන්වා පුත්‍රයා ද බියවද්දා ඔහුගේ ගෙලබැඳි රන් මාලය ද කඩාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවත් පොලිසිය පවසයි.

දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රණසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
නෝමන් පලිහවඩන, ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment