ආර්ථික ද්‍රරිද්‍රතාවයේ පීඩා විඳිමින් ජනතාව අද අවුරුදු සමරන්න සූදානම් වෙනවා – ලසසප නායක මහාචාර්ය තිස්ස විතාරණ

145

මන්දපෝෂණයෙන් පෙළෙන අය පසුගිය වසරේ 14% සිට 30%ක් දක්වා වැඩි වී දරුණු ආර්ථික අර්බුදයක වේදනාවන් මැද බහුතර ජනතාව අද සිංහල හා හින්දු අවුරුදු සැමරුමට සූදානම්ව සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවුරුදු නිමිත්තෙන් නිකුත් කර ඇති පණිවුඩයෙහි දැක්වේ.

ධනේශ්වර ආර්ථික ක්‍රමයේ ප්‍රථිවිපාක ලෙස මෙම අර්බුදය තවතවත් දරුණු වෙමින් වරෙක සැඟවී තවත් වරෙක උද්ගතවන බවද පෙන්වා දෙන විතාරණ මහතා ව්‍යවසායන් වැඩි, නිෂ්පාදන ආර්ථිකය දිනපතාම බිඳ වැටෙමින් පසුගාමී වෙමින් තිබීම පැහැදිලිවම දක්නට ඇතැයිද පවසයි.

1972/1973 දරුණු ආර්ථික අර්බුදය මැද ඔපෙක් සංවිධානය තෙල් මිල ඉහළ දමද්දීත් එවක මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. ඊට මුහුණදී ජනතාව ආරක්ෂා කළ අන්දම විතාරණ මහතා සිහිපත් කරයි.

70 දශකයේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය දියත් කරමින් රෝගී ජීවිත ආරක්ෂා කිරීම, නිසි ඖෂධ දීමේ ප්‍රතිපත්තිය, දරාගත හැකි මිලගණන් යෙදවීම වෛද්‍යවරු හා වෙනත් වෘත්තිකයන් රටින් පිටව යෑමට නොදී මෙහි සේවය ලබාගත හැකි පරිසරයක් දියත් කළ බවත් රටේ ජන ජීවිතය ආරක්ෂා කරන ‘සමුපකාර’ ක්‍රමයක් ශක්තිමත් කර ජනතාව සූරාකෑම වළක්වා ලීමට රජය ක්‍රියාකළ යුතු බවද තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment