බෙලිඅත්ත ඝාතනයට සැක තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

1197

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වී ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් වන පුද්ගලයින් දෙදෙනෙකි.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 300 ක්, යතුරුපැදියක්, ජංගම දුරකථන 03ක් සහ උල් පිහියක් තිබී සොයාගෙන ඇත.සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානයට භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment