සීෂෙල්ස් – කොළඹ සෘජු ගුවන් ගමන් තුළින් සංචාරකයන්ගේ වර්ධනයක් ඇති කරනවා

94

අගමැති නව සීෂෙල්ස් මහ කොමසාරිස් හමුවේදී කියයි

එයාර් සීෂෙල්ස් සෘජු ගුවන් ගමන් කොළඹට හඳුන්වාදීම තුළින් සංචාරකයන් පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නව සීෂෙල්ස් මහ කොමසාරිස් ලලතියානා ඇකුචේ (Lalatiana Accouche) මහත්මිය අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.

මහනුවර පැවති විචිත්‍රවත් උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව ඇල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරීමෙන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව තමන් මවිත වූ බව
Accouche මහත්මිය මෙහිදී පැවසුවාය. විනිසුරුවන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි ශ්‍රී ලාංකික වෘත්තිකයන් සැලකිය යුතු පිරිසක් සීෂෙල්ස්හි සේවය කරන අතර ඔවුන්ගේ සේවය තම රට විසින් බෙහෙවින් අගය කරන බව ඇය පැවසුවාය. හෙද සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා වැඩි කිරීම පිළිබඳව සලකා බලන ලෙසඅග්‍රාමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරිගෙන් ඉල්ලා සිටියේය.

සීෂෙල්ස් සිට කොළඹ බලා පියාසර කරන ‘එයාර් සීෂෙල්ස්’ ගුවන් යානය, BIA වෙත පැමිණි පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබූ අතර, උඩරට සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සහ අමුත්තන් පිළිගැනීමේ සමාරම්භක උත්සවයක්ද පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ අද්විතීය ආගන්තුක සත්කාරය ඉස්මතු කරන වර්ණවත් නර්තන

ප්‍රසංගයකින් අමුත්තන් පිළිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment