ඇමරිකාවේ වෙඩි තැබීමකින් හතරක් මරුට

525

ඇමරිකා එක්සත් ජනපදයේ නිරිතදිග පිලඩෙල්පියා නගරයේ පෙරේදා (03දා) රාත්‍රියේ හටගත් වෙඩි තැබීමකින් පුද්ගලයන් හතරදෙනකු මිය ගොස් ඇති අතර දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම වෙඩි තැබීම සිදු කළ 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු වෙඩි උණ්ඩ රැඳවූ වෙඩි උණ්ඩවලට ඔරොත්තු දෙන බැනියමක් පැළඳ සිටි බව වාර්තා වී තිබේ. මිය ගිය තිදෙනාම වයස අවුරුදු 20-59 වයස් කාණ්ඩයේ පසු වන අය වන අතර තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 2 හා 13 වයස්වල පසුවන ළමුන් දෙදෙනකු බව වාර්තා වී තිබේ. වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment