ෆේස්බුක් තුළින් අපහාස කළැයි අම්පිටියේ ප‍්‍රසිද්ධ දේවාලයක කපුවා දෙදෙනකු පැහැරගෙන ඇණ ගහලා

977

මුහුණු පොත හරහා තම රහස් හෙළිකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස පහරදී කුරුසයේ තබා පරාල ඇණ ගසා කෲර වධහිංසා පමුණුවා මරා දැමීමට සූදානම් වූ මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ දේවාලයක කපුවකු ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පල්ලෙකැලේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සාහාසික සිද්ධිය වාර්තාවී ඇත්තේ ඉකුත් 25 වැනිදාය.

මහනුවර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියවූ ස්ථානය වටලද්දී දස වධදී ඝාතනය කිරීමට සූදානම් කර සිටි පුද්ගලයන් දෙදෙනා ද අතහැර කපුවා ඇතුළු පිරිස පළාගොස් තිබේ.

ෆේස්බුක් තුළින් අපහාස කළැයි අම්පිටියේ ප‍්‍රසිද්ධ දේවාලයක කපුවා දෙදෙනකු පැහැරගෙන ඇණ ගහලා

පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට නොයන්නට මෙම පුද්ගලන් දෙදෙනා ඝාතනය කිරීමට සාහසිකයන් කටයුතු කරන බව මෙම විමර්ශනය මෙහෙයවන සහකාර පොලිස් අධිකාරී පාලිත ආරියවංශ මහතා පවසයි.

කපුවා ඇතුළු සාහසිකයන්ගේ කෲර වධහිංසාවන්ට ලක්ව බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයෝ දෙදෙනා මේ වන විට මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මෙසේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ පොල්ගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මංජුල රත්නායක සහ බෝමිරිය නවගමුවේ පදිංචි 36 හැවිරිදි ඞී. කේ. රත්නායක යන අය බව පොලිසිය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන දුෂ්මන්ත නමැති කපුවා ඇතුළු සංවිධානාත්මක පිරිස අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරි පාලිත ආරියවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන දුෂ්මන්ත නමැති කපුවා මහනුවර අම්පිටිය සහ දඹුල්ල ප‍්‍රදේශවල දේවාල පවත්වා ගෙන යන තිස් හැවිරිදි පුද්ගලයකි.

ෆේස්බුක් තුළින් අපහාස කළැයි අම්පිටියේ ප‍්‍රසිද්ධ දේවාලයක කපුවා දෙදෙනකු පැහැරගෙන ඇණ ගහලා

මෙම පුද්ගලයාට එරෙහිව පහරදීම්, ආයුධ පරිහරණය, ස්ත‍්‍රී දූෂණ ඇතුළු තවත් බරපතළ චෝදනා රැසක් ඇති බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම සිද්ධියට සම්බන්ධ කපුවා සහ පහර කෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා සමීප මිතුරන්ය.

පහරකෑමට ලක්වූ පුද්ගලයන් පොලිසිය හමුවේ ප‍්‍රකාශ ලබා දී ඇත්තේ මුහුණු පොත හරහා අපහාසවන ප‍්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියකට උරණ වී සැකකාර කපුවා තමන්ට මේ ආකාරයට කෲර වධහිංසා පමුණුවා කුරුසයේ තබා පරාල ඇණ ගැසූ බවයි.

එහෙත් පොලිසිය සිදු කළ විමර්ශනවලට අනුව අවි ආයුධ සම්බන්ධ ආරවුලක් සහ නිධානයකින් ලබාගත් රත‍්‍රං තොගයක් සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්නයක් මෙම ප‍්‍රහාරයට හේතුවී ඇති බවට සැක මතුවී ඇත.

සැකකාර කපුවා මංජුල සහ රත්නායක යන පුද්ගලයන් දෙදෙනා ඉකුත් 25 වැනිදා බලගොල්ල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත ගෙන්වා ගෙන තිබේ. ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් එහි පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

එහිදී කපුවා ඇතුළු පිරිසක් විසින් මංජුල නමැත්තා බලහත්කාරයෙන් වෑන් රථයක නංවාගෙන අම්පිටිය ප‍්‍රදේශයේ කන්දක් උඩ පිහිටි දේවාලයක් ආසන්නයට රැුගෙන ගොස් තිබිණි.

තම මිතුරා රැුගෙන යන්නේ කොහේදැයි බැලීම සඳහා රත්නායක නමැත්තාද යතුරුපැදියේ නැගී ඔවුන් පසුපස ගොස් ඇත. තමන් පසුපස පැමිණි රත්නායක යන අයද අල්ලාගත් කපුවා ඇතුළු සංවිධානාත්මක පිරිස ඔහුද දේවාලය ආසන්නයේ පිහිටි කැලෑවට රැුගෙන ගොස් තිබේ.

එහිදී කපුවා ඇතුළු සංවිධානාත්මක පිරිස යකඩ පොලූ යොදාගෙන මොවුන් දෙදෙනාට ඉතාම අමානුෂික ආකාරයට පහරදී ඇත.

ප‍්‍රහාරවලින් ඔවුන් දෙදෙනාගේ දත් කැඞී අස්ථි බිඳී ගොස් තිබිණි. කපුවා ඇතුළු පිරිස මෙම පුද්ගලයන් දෙදෙනාට කෲර බධහිංසා පමුණුවමින් ඔවුන්ගෙන් කිසියම් රහසිගත තොරතුරක් ලබාගැනීමට උත්සාහ කළ බවට පොලිසිය සැක පහළ කරයි.

පසුව මෙම පිරිස මංජුල සහ රත්නායක යන අය කුරුස දෙකක තබා ඔවුන්ගේ දෑත්වලට විශාල පාරල ඇණ ගසා ඔවුන් දැඩි වධ බන්ධනයන්ට ලක් කර ඇත.

මෙම පුද්ගලයන්ගේ විලාප හ`ඩ ඇසී ඒ පිළිබඳ අසල්වාසියකු 119 හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව මහනුවර පොලිසියේ කණ්ඩායමක් අම්පිටිය ක`දු ප‍්‍රදේශයක පිහිටි දේවාලය ආසන්නයට පැමිණ ඇත.

ඒ වන විට කපුවා ඇතුළු පිරිස මංජුල සහ රත්නායක යන අය ඝාතනය කිරීම සඳහා රැුගෙන යෑමට සූදානමින් සිටියහ. පොලිසිය පැමිණෙනවා දුටු පිරිස තුවාලකරුවන් දෙදෙනාද අතහැර පළාගොස් තිබේ.

ඒ වන විට බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ මංජුල සහ රත්නායක යන අය වහාම මහනුවර රෝහල වෙත රැුගෙන යෑමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙහිදී පහර කෑමට ලක්ව තුවාල ලබා සිටින පුද්ගලයන් ද විවිධ නීති විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් බවට තොරතුර ලැබී ඇතැයි පොලිසිය පවසයි.

සහකාර පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීමෙන් පල්ලේකැලේ පොලිස් ස්ථානාධිපති ශාන්ත බස්නායක මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

හේමන්ත රන්දුණු ,නෝමන් පළිහවඩන, , සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment