SLT-MOBITEL වෙතින් රුවන්වැලි මහා සෑය දුරස්ථ ඩිජිටල් තාක්ෂණයෙන් වැඳ පුදා ගැනීමට අවස්ථාවක්

143

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑයේ ත‍්‍රිමාණ ප‍්‍රතිනිර්මාණයක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතින් විවෘත විය.
 
 SLT-MOBITEL සමාගම පසුගිය වසරේදී ද මේ ආකාරයෙන්ම බැතිමතුන් වෙනුවෙන් මිහින්තලය පුද බිම ත‍්‍රිමාණරූපීව නිර්මාණය කළ අතර, මෙවර බෞද්ධ ජනතාව පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට දක්වන විශාල උනන්දුව සලකා බලමින්, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා පැනවි තිබෙන සංචරණ සීමා තුළදී පවා සුරක්ෂිතව තම නිවෙසේ සිටම රුවන්වැලි සෑය වන්දනා කළ හැකි වන ලෙස මෙම ඩිජිටල් ත‍්‍රිමාණ ප‍්‍රතිනිර්මාණය සිදු කර තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment