මහජන බැංකුව 60 වන සංවත්සරය නිමිත්තෙන් ජාතික රෝහලට ජංගම අධිතාක්ෂණික සැකෑනර් යන්ත‍්‍රයක්

154

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ කොටසක් ලෙසිස් මහජන බැංකු සේවක ප‍්‍රජාවගේ දායකත්වයෙන් කොවිඞ් 19 ආසාදිත රෝගින්ට ප‍්‍රතිකාර කිරීමේදි
 
 ප‍්‍රයෝජනවත් වන රුපියල් මිලියන 6 කට අධික වටිනාකමින් යුත් ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍රයක් (Portable Ultra Sound Scanner) කොළඹ, ජාතික රෝහලේ කොවිඞ් 19 අධි සත්කාර ඒකකයට පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.
 
 මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ, කොවිඞ් දැඩි සත්කාරක ඒකකයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය දිල්ෂාන් ප‍්‍රියංකර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ) නිපුණිකා විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලලිත් විතාන, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන යන මහත්ම මහත්මින්ද සහභාගි වූහ.
 
 මෙහිදි අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මෙරට පොදු ජනතාව හා බැ`දුනු බැංකුවක් වශයෙන්, අප රට ජාතික ව්‍යවසනයන්ට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම මෙරට ජනතාවට ආර්ථික වශයෙන් නැ`ගීසිටීමට අවශ්‍ය මූල්‍යමය ප‍්‍රතිකාර ලබාදුන්නේ මහජන බැංකුවයි. මහජන බැංකුවෙන් මෙන්ම මහජන බැංකු සමූහය විසින්ද විශාල වටිනාකමින් යුත් පී.සී.ආර් යන්ත‍්‍ර ඇතු`ඵ සෞඛ්‍ය උපකරණ ලබාදුන්නා. එමෙන්ම කොවිඞ් මර්දන එන්නත් මෙරටට ගෙන්වීම ස`දහාද මූල්‍ය පහසුකම් සපයන්නෙක් ලෙස කටයුතු කළා. මේ වන විට රජය සාර්ථකව මෙම වසංගතය මර්දනය කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදි රටේ තත්වය සුබවාදි දිශාවකට හැරෙනු ඇතියි අපි අපේක්ෂා කරනවා. මෙරට කොවිඞ් 19 රෝගින්ට සුවය ලබාදීමට ස`දහා යම් පමණකින් හෝ දායක වීමට මහජන බැංකුවට හැකියාව ලැබීම පිළිබ`දව ඉමහත් සතුටට පත්වනවා.
 
 ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍රයක් (Portable Ultra Sound Scanner)කොළඹ ජාතික රෝහලට පිරිනැමූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment