යකඩ බටයකින් අඹ කඩන්න ගිය පාසල් ශිෂ්‍යයා විදුලිසරින් මරුට

226

සිද්ධිය දුටු වැඩිහිටියාට පපුවේ අමාරුව හැදිලා

යකඩ බටයක ආධාරයෙන් ප්‍රධාන මාර්ගය අසල අඹ ගසක අඹ කැඩීමට ගිය 16 හැවිරිදි පාසල් දරුවකු එම යකඩ බටය අසල තිබූ අධිබල විදුලි රැහැනක ගැටී විදුලි සර වැදීම නිසා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පෙරේදා (16 වැනිදා) සවස 5ට පමණ බිංගිරිය රෝහල ආසන්නයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ සිසුවකු වන චතුර සේමික නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු සමග අඹ කැඩීම සඳහා පැමිණි වැඩිහිටි පුද්ගලයකු දරුවා විදුලි සර වැදී ගසෙන් බිම වැටෙනු දැක කම්පනය නිසා ඇතිවූ ක්ෂණික හෘදයාබාධයකින් බිංගිරිය රෝහලටත් එතැනින් හලාවත රෝහලටත් මාරුකර යවා ඇත.

සිද්ධිය පිළිබඳව බිංගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment