නාන කාමරයේ දී හෙයා ඩ්‍රයරයෙන් ආ විදුලි මාරයාට තිස් හැවිරිදි කත බිලි

192

විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් භාවිතා කර කොණ්ඩය සකස් කරමින් සිටියදී මියගිය කාන්තාවගේ මරණයට හේතුව විදුලි සැර වැදීමෙන් සිදු වූවක් බවත්, එය හදිසි අනතුරක් බවත් හෙළිවී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට පදිංචිව සිටි කාංචනා සුභාෂිණී නමැති 30 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාවගේ හදිසි මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා හමුවේ එම රෝහලේ දී පැවැත්විණි. එම කාන්තාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී චමාලි අබේසේකර මහත්මිය විසින් පවත්වනු ලැබුවාය. අදාළ කාන්තාවට විදුලි සර වැදුණු බව කියන කොණ්ඩය සකස් කිරීමට යොදාගත් උපකරණය පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment