පිරමීඩ ගනුදෙනු කළ ආයතන 9ක් එළියට

110

පිරමීඩ ආයතන සමග අපේ එකඟතා ඇතැයි කීම ප්‍රතික්ෂේප කරනවා – මහ බැංකුව

ඇතැම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමග යම් යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9ක් නම් කිරීමට පියවර ගෙන ඇති බවය.

එසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතට අනුව අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව කියයි.

මෙසේ නම් කරන ලද ආකාරයේ පිරමීඩ යෝජනා ක්‍රමයක් ඍජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයකු සිදුකරන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මහ බැංකුව පවසයි.

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් මහජනයාට දන්වා සිටී.

මෙසේ පිරමීඩ ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවට මහ බැංකුව තීරණය කර ඇති ආයතන මෙසේය


1. Tiens Lanka Health care (PVT) Ltd, 2. Best Life international (PVT) Ltd, 3. Global Lifestyle Lanka (PVT) Ltd, 4. Mark – Wo International (PVT) Ltd, 5. V.M.L. International (PVT) Ltd, 6. Fast 3Cycle International (PVT) Ltd,(F3C) 7. Sport chain App, Sports chain Z S Society Sri Lanka, 8. OnmaxDT, 9. MTFE APP, MTFE SL Group, MTFE Success Lanka (PVT) Ltd and MTFE DSCC Group (PVT) Ltd.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment