අන්තිමේ දිනුවේ මෝල්ලු… නාමල් කරුණාරත්න

205

සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සහල් මෝල් හිමියන්ගේ ජයග‍්‍රහණයක් යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ (28 දා* පැවැසීය.

මෙය රජය විසින්ම නිසි ක‍්‍රමවේදයක් නැතිව කටයුතු කිරීම නිසා ඇතිවූ සිද්ධියක් බවත් එය හරියට බත් හට්ටිය කෑමට පැමිණි බළලාට උම්බලකඩයෙන් ගැසීම නිසා උම්බලකඩය බළලා විසින් රැුගෙන යෑමත්, උම්බලකඩය වැදී හට්ටිය බිඳී යෑමත් වැනි කි‍්‍රයාවක් බවත් කරුණාරත්න මහතා කීය.

රජය විසින් පසුගිය වකවානුවේ කුඩා මෝල් හිමියන්ට මිල පාලනය දැමීම නිසා කුඩා මෝල් හිමියන් ගොවීන්ගේ වී මිලදී ගැනීම නතර කර තිබූ බවත් එහි වාසියද මහා පරිමාණ මෝල් හිමියන් අතට ගෙන වී ටික විකුණා

ගැනීමට නොහැකිව සිටි ගොවියාගේ වී ටික ඔවුන් අඩු මිලට ලබාගත් බවත් ඒ මහතා සඳහන් කළේය.

රජය විසින් නාඩු සහල් රුපියල් 98 ට මිල නියමකර තිබියදී මෝල් හිමියන් නාඩු තොග මිල රුපියල් 110 ක් ලෙසත්, සම්බා 103 ට මිල නියම කර තිබියදී තොග මිල රුපියල් 122 ක් ලෙසත්, කීරි සම්බා රුපියල් 125 ක් ලෙස මිල නියම කර තිබියදී තොග මිල රුපියල් 170 කට අලෙවි කළ බවත් කී නාමල් කරුණාරත්න මහතා පාලන මිල ඉවත් කිරීම නිසා කුමන මිලකට අලෙවි කරයිද යන්න මෝල් හිමියන්ගෙන්ම විමසා මිල තීරණය කළ යුතු තත්ත්වයට පත්ව ඇතැයි කීය.

රජය මොනව කීවත් හාල් මාෆියාවේ නිරත මහ මෝල් හිමියන් පස් හය දෙනා අතර සියයට 75 ක ඒකාධිකාරියක් පවතින බවත් එය බිඳ හෙළීමට අවශ්‍ය නම් රජය වී මිලදී ගෙන රජයේ මෝල් සකස් කර සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment