IMF‍ ණය දෙන්න පෙර ඇමරිකාවෙන් රතු එළියක්

1529

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති  ගිවිසුම ස්ථිර විය යුත්තේ ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදුවීම මත බවට ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.

මේ අනුව මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදුකරන ප්‍රතිසංස්කරණ මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතිකර ගන්නා ගිවිසුම රඳාපවතිනු ඇති බව ද එම කමිටුව පවසා ඇත.

මේ කරුණු සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිසංස්කරණ නොමැති වුවහොත් ශ්‍රී ලංකාවට තවදුරටත් අහිතකර ආර්ථික කළමනාකරණයෙන් සහ පාලනයෙන් ණය බරින් පීඩා විඳිනු ඇති බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙළහි අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සහ ණය තිරසාරභාවය යළි ස්ථාවර කිරීම මෙන්ම දූෂණ අවදානම අවම කිරීම සඳහා නව ප්‍රතිසංස්කරණ ඇති කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සඳහන් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment