දිනේෂ්ගේ විවාහය හොඳම විදිහට වෙනවලු…

201

සෙංකඩගල’ට මිලියන පහක ආදරයක්…
ආදරේ තියෙන ඕනෑම තැනක මම ඉන්නවා…

දැනෙනා තුරු මා, වැහිබිඳු වැටෙනවා නම්, වෙරළු මල්, සෙංකඩගල නුවරට වැනි මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් ගීත නිර්මාණයන් එළිදැක්වූ නව පරපුරේ සිටින දක්ෂ සහ ගීතයෙන් තරුණ සිත් වසඟකර ගැනීමට සමත් වූ ගායකයෙක් තමයි “දිනේෂ් ගමගේ” කියන්නේ. ඔහුගේ නවතම ගීත නිර්මාණයන් සහ වැඩකටයුතු පිළිබඳව අසා දැනගන්නට අපි දිනේෂ් සමග සුහද කතාබහක යෙදුණා.

දිනේෂ් මේ දිනවල හරිම කාර්යබහුලයි වගේ නේද?

මේ දවස්වල කියන්නේ” ඇත්තටම දැන් අවුරුදු දෙකක විතර කාලයකම ඉඳලා සංගීත ප්‍රසංග නැවතිලා තිබිලා දැන් තමයි නැවතත් ප්‍රසංග පටන් ගත්තේ. ඒ නිසා එක දිගටම සංගීත ප්‍රසංගත් එක්ක කාර්යබහුල වුණා. මෑතකදී “සෙංකඩගල නුවර” කියන මගේ ගීතයත් එළිදැක්වුවා. ඊට අමතරව මගේ තවත් ගීතයක නිර්මාණ කටයුතුවලට සූදානම් වෙනවා.

සෙංකඩගල නුවර ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ඉතාම ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ කියන්නෙ අපි මීට කලින් නොකරපු ආකෘතියේ ගීතයක් තමයි කළේ. ඇත්තටම මම මාරම රසිකයෙක් චාමර වීරසිංහ අයියගේ. ඉතිං චාමර අයියගේ ආරයේ ගීතයක් කරන්න ඕනෑ කියලා තමයි මේ ගීතය නිර්මාණය කළේ. මෙහි පද රචනය කළේ” මනුරංග විජේසේකර අයියා. සංගීතය කළේ” මමයි ගයාන් රැන්ඩි අයියයි. තනුව නිර්මාණය කළෙත් මම මයි. රූප රචනය කළේ” චමිල් පතිරණ (තාලරූප). ඉතිං අපේ නිර්මාණය රංගනයෙන් තවත් හැඩකළා රන්දික ගුණතිලක සහ තරින්දි ප්‍රනාන්දු. තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි.

දිනේෂ්ගේ විවාහය හොඳම විදිහට වෙනවලු…

දිනේෂ් “නාදගම” සහ “හැඩතාල” ගැනත් මතක් කරමු.

අපේ තියෙනවා “හැඩතාල” සහ “නාදගම” කියලා සමූහ සංගීත ප්‍රසංග වැඩසටහන් දෙකක්. ඉතිං “හැඩතාල” තුළින් දැනට සංගීත ප්‍රසංග තුනක් කළා. ඒ වගේම අපේ “නාදගම” ප්‍රසංගයත් මේ දිනවල පැවැත්වෙනවා. ඒ අතර ඉතිං තව විවිධ සංගීත ප්‍රසංගත් පවත්වනවා සහ මම ලබන අවුරුද්දේ විදේශ සංචාර තුන හතරකටම සම්බන්ධවෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අද වන විට ගීත කොපමණ ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවද?

දැනට මගේ ගීත අටක් පමණ තියෙනවා. තව අනුෂ්ක උදානගේ “මැරුණු හිතේ”, “මන්දාරම් කතාවේ”, ශශිකා නිසංසලා අක්කගේ “චන්ද්‍රා පායන්න” සහ රයිනි චාරුකා අක්කාගේ “කළුවරට හිත බය හින්දා” යන ගීතවල තනු නිර්මාණය කළෙත් මම. ඒ වගේ තවත් කරපු බොහෝ නිර්මාණ තියෙනවා. ඒ අතරින් මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීත විදියට මේ නිර්මාණ කියන්න පුළුවන්. ඊටත් අමතරව ඉදිරියේ විකාශනය වීමට තිබෙන “හොටෙල් බ්ලූ මූන්” කියන කොරියානු ටෙලි නාට්‍යයේ තේමා ගීතයත් මම ගායනා කරනවා.

ඉදිරියේදී එළිදැක්වීමට තිබෙන නිර්මාණ මොනවද?

ඉදිරියේදී මගේ තනි ගීතයක් එළිදැක්වීමට තියෙනවා. ඒ වගේම සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය සහ ශශිකා නිසංසලා අක්කා සමගත් ගීතයක් කළා. තව මගෙයි කාංචනා අනුරාධිගේත් ගීතයක් ඉදිරියේ එන්න තියෙනවා. ඊටත් අමතරව ඉන්දියාවේ දමිළ රැපර්ස්ලා සමගත් ගීත දෙක තුනක්ම කරන්නත් මේ දවස්වල කටයුතු සැලසුම් කරගෙන යනවා.

දිනේෂ්ගේ ගීත වලට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තටම හිතුවෙවත් නැති විදියට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අද මට මේ වගේ මම හිටියට වැඩිය හොඳ තැනකට එන්න පුළුවන්වෙලා තියෙන්නෙත් මගේ ගීත නිසාමයි. ඉතිං මම හිතනවා මිනිස්සු මගේ ගීත හොඳ විදියට වැළඳගෙන තියෙනවා කියලා. මට ඒ ලැබෙන ප්‍රතිචාර වලට මම හරිම ආදරෙයි සහ පුදුම විදියට ගරු කරනවා.

කෙටි කාලයක් ඇතුළත විශාල රසික ආදරයක් දිනාගන්න වාසනාවන්ත වෙලා තියෙනවා නේද?

ඔව්. ඒක මෙහෙමයි මට හිතෙන්නේ මම මහන්සිවෙලා කැපවීමෙන් කරපු මගේම නිර්මාණ වල ප්‍රතිඵලයක් විදියට තමයි මට ඒ ආදරය ලැබිලා තියෙන්නේ කියලා.

දිනේෂ්ගේ විවාහය හොඳම විදිහට වෙනවලු…

ජීවිතය වෙනස් කළ සිදුවීමක් ගැන කතා කළොත්?

මම හිතනවා මම විදේශගත වෙන්න ඉඳලා ඒක ඔළුවෙන් අයින් කරලා සංගීතය කරන්න ලංකාවේ නැවතුණ එක තමයි” මගේ ජීවිතේ වෙනස් කරපු ලොකුම සිදුවීම.

ආදරය – විවාහය ගැන මොකද හිතන්නේ?

ආදරය සහ විවාහය හොඳම කාලෙදි හොඳම විදියට වෙයි කියලා හිතාගෙන ඉන්නවා. මම ආදරේට හරිම ආදරේ කෙනෙක්. ඉතිං ආදරේ තියෙන ඕනම තැනක මම ඉන්නවා.

දිනේෂ් ඉක්මනටම විවාහ වෙන්න යනවා කියලා ආරංචියි ?

අනේ නැහැ. ඉක්මනටම විවාහ වෙනවා නෙවෙයි විවාහ වෙන්න නම් ආසයි. ඉතිං ඒක හරිම කාලේට හොඳම විදියට සිදුවේවි.

අනාගතයේ විශේෂ සැලසුම් එහෙමත් ඇති.

ඔව්. විශේෂම සැලසුම තමයි මගේ ගීතයක් ලංකාවෙන් එළියට යවන එක. ඒක තමයි දැනට මට තියෙන විශේෂම සහ ලොකුම හීනය.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment