ජීවන් තොණ්ඩමන් පොලිසියට තග් පාට් දමයි – OIC මාරු කරන්නැයි තර්ජනය කරලා

920

බැංකුවේ ජල්ලි ඇල්ලූ ගනුදෙනුකරු කූඩුවේ

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් සිය ආධාරකරුවන් ද සමග බගවන්තලාව නගරයට පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයා සහ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් එහි ගෙන්වා දෙනෝදාහක් දෙනා බලා සිටියදී එම නිලධාරීන්ට බැණ තර්ජනය කර පරිභව කරමින් යකා නැටීමට පටන් ගැනීම නිසා (24 දා) සවස නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී මෙම පළාත භාර ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු කියා සිටියේ නූගත් මිනිසුන් ඒ ආකාරයට හැසිරුණද පොලිසිය කිසිසේත්ම අධෛර්යට පත් නොවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කිසිවකුගේ තර්ජන බලපෑම් ඉදිරියේ මාරුකර යැවීමට කටයුතු නොකරන බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසූ උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ පොලිසියේ නිලධාරීන්ට තර්ජනය කර පරිභව කරමින් රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිවද විමර්ශනයක් පවත්වන බවයි.

තොණ්ඩමන් ඇමැතිවරයාගේ සහ සහචරයන්ගේ මෙම හැසිරීම පොලිසිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එම උසස් පොලිස් නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු, නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment