යුද හමුදා බුද්ධි ප්‍රධානියා ජිනීවාහිදී අත්අඩංගුවට ගැනීමේ ඉල්ලීම අහකට

670

ජිනීවා නුවර සිවිල් අයිතිවාසිකම් සමුළුවට සහභාගි වන යුද හමුදා බුද්ධි ප්‍රධානි රුවන් ජීවක කුලතුංග මහතා අත්අඩංගුවට ගෙන ද්‍රවිඩ සිරකරුවන්ට සිදුකළ වධ හිංසා ගැන ප්‍රශ්න කරන ලෙස ස්විස්ටර්ලන්තයේ ජිනීවා තානාපතිනි ටාර්ෂියා කැරන් කළ ඉල්ලීම එම සමුළු බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

රුවන් කුලතුංග මහතා ජිනීවා සමුළුවට සහභාගි වීමට පෙර ඔහු වව්නියා ජෝශප් හමුදා කඳවුරේ දමිළ සිරකරුවන්ට වධ හිංසා පැමිණ වූ බවට වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියක් වූ යස්මින් සුකා විසින් සමුළුව වෙත ගොනුකර තිබුණි.

මේ අතර ස්විස් කොටි ඩයස්පෝරාව ද යුද අපරාධ පිළිබඳ ස්විස් කාර්යාලයට ඊට අදාළ පැමිණිල්ලක් යොමුකර රුවන් කුලතුංග අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඇත.

එහෙත් රුවන් කුලතුංග මහතාට තානාපති මුක්තිය ඇති නිසා කැනඩා තානාපතිනියගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment