පොලිස් ලොක්කො හතක් මාරුකරයි

346

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර ඇති බව පොලීසිය පවසයි.ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුර දක්වා මාරුකර තිබේ.මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් පී මැදවත්ත මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ ජයලත් මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.එසේම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර් එල් කොඩිතුවක්කු මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභසාධක හා ක්‍ෂේත්‍ර බළකා සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිසහායක සේවා ලෙස මාරුකර ඇත.ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.මේ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ් කේ සිල්වා මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත්‍ර බළකා ලෙස මාරුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment