චීන කත දියණිය ලංකාවට දී පනී

1063


කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී චීන කාන්තාවක් ඇයගේ කුඩා දියණිය මෙතෙක් කළ් බලාගත් ලාංකික සේවිකාවට භාර දී ආපසු පළා යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් ඇය ගුවන් යානයට ඇතුළුවීමට සූදානම් වෙමින් සිටියදී ඊයේ (12) දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි. ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබේ. චීන තරුණ කාන්තාව ප්‍රසිද්ධ සමාජ ශාලා වල නර්තනයේ යෙදෙන නළගනකි.

ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය ඇය බලා ගැනීමට සිටින ශ්‍රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූයේ තම චීන ජාතික මවට වඩා තමන්ට සෙනෙහස දැක්වීම නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment