පෙම් කළ දහතුන් හැවිරිදි දැරියට අතවර කළ හමුදා සෙබළා දැලේ

230

දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කළ යුද හමුදා සෙබළෙකු ඊයේ (03 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා සෙබළා මෙම දැරිය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. ඉකුත් දෙවැනිදා ගමේ නිවසක පැවැති පිංකමකට ඇය පැමිණි විට සැකකරු විසින් ඇයව අසල නිවසකට කැඳවාගෙන ගොස් අතවර සිදුකර ඇත. දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විසිහැවිරිදි වියෙහි පසුවන හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇති අතර සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතුයොදා ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment