අනීතික විදුලිය බිල ඇවිළෙයි – පා ගමන විසුරුවයි

202

අත්අඩංගුවට ගත් බළන්ගොඩ කාශ්‍යප හිමි, සංජීව ධම්මික ඇතුළු 6කට ඇප
පොලිස් ආඥා පනතට මුවාවී පොලිසිය මානව හිමිකම් කැඩුවා
සංජීව ධම්මික අත්අඩංගුවට පත් මොහොතේ කියයි

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (01 වැනිදා) පෙරවරුවේ දිවුලපිටියෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන අවස්ථාවේ අත්අඩංගුවට පත් එම සංගමයේ ලේකම් සංජීව ධම්මික, බළන්ගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගැනුණි.

අනීතික විදුලිය බිල ඇවිළෙයි - පා ගමන විසුරුවයි

“අසීමිත විදුලි බිලට එරෙහිව අපි” යන පාඨය යටතේ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන ඊයේ පෙරවරු 8.30 දිවුලපිටිය නගරයෙන් ආරම්භ කෙරිණි.

පා ගමන්කරුවන් ඊයේ සවස් වනවිට විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය දැක්වීමට නියමිතව තිබිණි.

අනීතික විදුලිය බිල ඇවිළෙයි - පා ගමන විසුරුවයි

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, බළංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු 200කට ආසන්න පිරිසක් මෙම පා ගමනට දිවුලපිටිය නගරයට එක්ව සිටි අතර අතරමඟ දී තවත් විශාල පිරිසක් මෙම පා ගමනට එක්වීමට නියමිතව තිබිණි.

පා ගමන්කරුවන් දිවුලපිටිය හොරගස්මුල්ල වෙල්යාය ආසන්නයට එද්දී මග හරස් කළ පොලිසිය විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකය පා ගමන යෑමට ඉඩ දිය නොහැකි බව කියමින් විසිර යන ලෙස දැනුම් දුන්හ.

අනීතික විදුලිය බිල ඇවිළෙයි - පා ගමන විසුරුවයි

එහෙත් පා ගමන්කරුවන් පොලිස් නියෝග නොතකමින් පා ගමන ඉදිරියට යෑමට සූදානම් වෙද්දී එහි සංවිධායකයන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළහ.

කඳුළු ගෑස් ප්‍රහාර කණ්ඩායම් ජල විදුලි ප්‍රහාරක රථ ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් දිවුලපිටියට කැඳවා සිටි අතර පා ගමන්කරුවන් විසුරුවා හැරීමට උත්සාහ කරද්දී පොලිසිය සහ පා ගමන්කරුවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

පා ගමන්කරුවන් අත්අඩංගුවට ගැනීමේ දී බළංගොඩ කාශප හිමියන් කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි. පා ගමනට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම් පවා අධිකරණයෙන් ප්‍රතික්‍ෂේප කර තිබිණි. එය විසුරුවා හැරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවද එම හිමියෝ කියා සිටියහ. එය මානව හිමිකම් කඩකිරීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද සිටින අතර ඔවුහු දිවුලපිටිය පොලිසිය වෙත රැගෙන යනු ලැබූහ.

අත්අඩංගුවට පත්වන මොහොතේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ පොලිසිය අනීතිකව කටයුතු කරන බවය. පොලිස් ආඥා පනතට මුවාවෙමින් මානව හිමිකම් උල්ලංඝණය කිරීමට පොලිසිය කටයුතු කළ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ නීති විරෝධී රැස්වීම, අයුතු ජනරාශිය, පොලිස් රාජකාරියට බාධා කිරීම සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

විරෝධතා පා ගමන සංවිධානය කළ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු පා ගමනට එක්ව සිටි පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළහ.
හේමන්ත රන්දුණු, වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment