ආණ්ඩුව ධන කුවේරයන්ගේ බදු රු. බි. 572ක් කපා හැරලා

125

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
සාමාන්‍ය ජනතාව පරිප්පු ඇටයේ සිට බදු ගෙවද්දී

සාමාන්‍ය ජනතාව පරිප්පු ඇටයේ සිට බදු ගෙවද්දී ධනකුවේරයන් නොගෙවපු රු. බිලියන 904න් රු. බිලියන 572ක් බදු කපා හැර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (1 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ආණ්ඩුව විසින් ජනතාවට අහිතකර ලෙස බලපාන තීරණ කිහිපයක් අරගෙන තිබෙනවා. 2022 මේ පාලකයන් 12%ක් ලෙස තිබුණු වැට් බද්ද, එකතු කළ අගය මත බද්ද 15%ක් කළා. දැන් 2024 ජනවාරි 1 වැනිදා සිට වැට් බදු 18%ක් කරන්න තීරණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වනවිට වැට් බදු අදාළ නොවූ භාණ්ඩ ගණනකට වැට් බදු අකරන්නත් තීරණය අරගෙන.

සහල්, සහල් පිටි, තිරිඟු, තිරිඟු පිටි, පාන්, ළදරුන්ට දෙන කිරිපිටි ඇතුළුව සියලු කිරිපිටි, බිත්තර, කුළුබඩු වගේ භාණ්ඩ, ඛනිජ තෙල්, ජංගම දුරකථන, අධ්‍යාපනයට අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනට අත්‍යවශ්‍ය සේවා, විදුලි සංදේශ සේවා මේ සියල්ල අලුතින් වැට් බදුවලට යටත්කරනවා. මේ නිසා මේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු ඉහළ යාමට නියමිතයි.

‘ලර්න්ඒසියා‘ ආයතනයේ ආචාර්ය වසන්ත අතුකෝරළ කළ පර්යේෂණයකට අනුව, ලක්ෂ 40ක් 2023 ඇතුළත කළින් දුප්පතුන් ලෙස නොසැළකුණු 40%ක් දුප්පතුන්ගෙ ගොඩට එකතු වූ බව අනාවරණය වුණා. දැන් සිදුවන දේ අනුව, මේක 2023 අවසානයේ විශාල ලෙස ඉහළයාමට නියමිතයි. මේ විදියට වැට් බදු වැඩිකරලා ඉන්ධන මිල, විදුලි ගාස්තු වැඩි කළාම ජනතාවගේ ජීවන තත්වය අන්තිම දුෂ්කර අඩියකට පත්වන බව නිසැකවම කියන්න පුළුවන්.

2022 වසරට සාපේක්ෂව 2023 බදු ආදායම 51% වැඩි වූ බව බන්දුල ගුණවර්ධන සාඩම්බරයෙන් ප්‍රකාශ කළා.

මොන බදුද මේ ? අපි දන්නවා, බදු වර්ග දෙකක් ගැන. ධනපති සමාගම්වලින් ධනකුවේරයන් ගෙවන බදුද? නැත්නම් සාමාන්‍ය ජනතාව ගෙවන බදුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන විදියට ධනපති සමාගම්වලින් අයකරන, ධනකුවේරයන් ගෙවන ඍජු බදුවලින් මේ දක්වා නොගෙවා පැහැර හැරි බදු වටිනාකම, රුපියල් බිලියන 904ක්. කෝප් කමිටුවෙ වාර්තාවෙ තියෙනවා, බදු ගෙවිය යුතු පාර්ශ්වවලින් කිසිදු ඉල්ලීමක් නැතිව ගෙවන්න නියමිත බිලියන 270ක් කපා හැර තිබෙන බව.

සාමාන්‍ය ජනතාව, පරිප්පු ඇටයේ සිට බදු ගෙවන එක කරද්දි ධනකුවේරයන් නොගවෙපු බදු කපා හරිනවා. ඒ විතරක් නෙවෙයි, තරුණ ජනමාධ්‍යවේදීන්ගෙ සංගමය කළ විමසීමකදී අනාවරණය වුණා, අය කර නොගත් රුපියල් බිලියන 904න් බිලියන 572ක් අය නොකරන්න තීරණය කරලා කියලා. මේ සාමාන්‍ය ජනතාව අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වෙද්දී, පාර්ලිම්න්තු, කැබිනට් මණ්ඩලය කෙහොමද මේ තීරණය ගත්තෙ?

advertistmentadvertistment
advertistmentadvertistment