අලුත් පොලිස්පති කවුද? – සී.ඩීගේ කාලය අදින් යළිත් ඉවරයි

310

පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබූ සති තුනක සේවා කාලය අදින් (02 වැනිදා) අවසන් වී ඇත.

එහෙත් මේ වනතුරුත් නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය ක්‍රියාකර නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු අවස්ථා 3 කදී ඒ මහතාට සේවා දීර්ඝ කිරීම් ලබාදී තිබිණි.

අවස්ථා දෙකකදී මාස 3 බැගින්ද අවසන් අවස්ථාවේ සති 3 ක කාලයකින්ද සේවා දීර්ඝ කිරීම් ලබාදීමට රජය කටයුතු කළේය.

නව පොලිස්පතිවරයකු පත්කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ යුතුව ඇතත් මේ වනතුරුත් කිසිදු නමක් ඊට ඉදිරිපත් කර නැත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment