නියඟය තිබුණත් වනෝද්‍යාන ජලාශවලට දිගටම වතුර – පවිත්‍රා

101

පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති යාල ඇතුළු වනෝද්‍යානයන්හි ස්වභාවිකව පිහිටා ඇති ජලාශ හැර කෘත්‍රිමව නිර්මාණය කර ඇති ජලාශවලට අවශ්‍ය ජල සැපයුම එම දෙපාර්තමේන්තුව මගින් අඛණ්ඩව ලබාදෙන බවත් ඒ සඳහා බාහිරින් කිසිදු සහයෝගයක් අවශ්‍ය නැතැයිද ඇය පැවසුවාය.

ස්වභාවික ජලාශවලට එලෙස ජලය සැපයුම සිදු නොකරන්නේ ඉන් එම පරිසරයට හානි සිදුවිය හැකි බැවින් යැයිද අමාත්‍යවරිය සඳහන් කරයි. වියළි කලාපය ඇතුළු වනෝද්‍යානවල ජීවත්වන වන සතුන් එම පරිසරයට අනුව හැඩගැසී ඇති නිසා ඔහුන්ගේ වියළි කාලගුණයට ඔරොත්තුදීමේ හැකියාවක්ද පවතින බව සත්ත්ව විද්‍යාඥයන් සඳහන් කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය. එනිසා එම පරිසරය කෘත්‍රිමව වෙනස් කළ හොත් ඔහුන්ගේ ජීවන රටාවට හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇතැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment