චන්දිමාල් හදිසි හේතුවක් මත තරගයෙන් ඉවතට

397

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වනවිට පැවැත්වෙමින් තිබෙන ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි හිටපු නායක සහ පිතිකරු දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, “ඔහුගේ පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක්” හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් හැකි ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වේ.

ඔහුගේ කණ්ඩායම් සගයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය මේ මොහොතේ දිනේෂ් චන්දිමාල්ට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන අතර ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්, මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම දිනේෂ් චන්දිමාල්ගේ බිරිඳ ගැබිනියක් බව මීට පෙර සමාජ මාධ්‍ය තුළ සටහන් සහ ඡායාරූප එක් කර තිබුණි.

මෙම තරගයේ පළමු ඉනිමේ ලකුණු 59 ක් ලබා ගත් චන්දිමාල් දෙවැනි ඉනිමේ ලකුණු 09 කට දැවී ගියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment