උඩදියලුම මරණය සැකයිඃපෙම්වතා අල්ලයි

1099


උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණි අතර පසුව එදින රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ විය.

එහිදී එම තරුණයා ද වල් අලි ප්‍රහාරයෙන් තුවාල ලැබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබිණ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා පසුව ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment