තිනුලි ක්‍රීඩා රැසකින් දස්කම් පායි

138

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලබන තිනුලි පියුමිලා පතිරාජ ශිෂ්‍යාව කොළඹ බාලදක්ෂ ප්‍රධාන මූලස්ථානය මගින් සංවිධාන කළ, Swimming Gala 2023’ තරගාවලියේ වයස අවුරුදු දහතුනෙන් පහළ මීටර් 50 නිදහස් ආර ඉසව්වෙන් සහ වයස අවුරුදු දහතුනෙන් පහළ පසුපස ආර මීටර් 50 ඉසව්වෙන් ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූවාය.

තිනුලි වයස අවුරුදු දහතුනෙන් පහළ පාසල් නෙට්බෝල් කණ්ඩායම සහ චෙස් කණ්ඩායම ද නියෝජනය කරන අතර ජිම්නාස්ටික් ක්‍රීඩාවට ද ඇලුම් කරන ඇය කොළඹ 100 ස්කවුට් බාලදක්ෂ කණ්ඩායම ද නියෝජනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment