පකිස්ථානයේ සටන් විරාමයක් අහෝසියි

168

පකිස්ථාන රජය සමග පැවැති සටන් විරාමය අවසන් බව තරීක් ඊ තලෙයිබාන් පකිස්ථාන් සංවිධානය නිවේදනය කර ඇත. මාස හයක් පැවති මෙම සටන් විරාමය අවසන් කිරීම ගැන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ නව හමුදාපති ජෙනරාල් අසීම් මනීර් දැඩි කම්පනයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සටන් විරාමය අවසන් කිරීම සඳහා හේතු වී ඇත්තේ පකිස්ථානය ඇෆ්ගනිස්ථානය සමග සබදතා වර්ධනය කරගැනීම,දේශ සීමා කලාප වල සිට සංවිධානයට අයත් ජනතාව මර්දනය කිරීම බව වාර්තාවේ. මෙම සටන් විරාමය ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමැති සිරජුදීන් විසින් කඩකර ඇති බවද පකිස්තාන හමුදාවට පක්ෂපාතී නැතැ’යි ද බුද්ධි අංශ වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment