වාහන ආනයනය ගැන එන අවුරුද්දේ සුබ අපේක්‍ෂාවක් – ඇමැති සියඹලාපිටිය

95

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බව රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් (09දා) අමාත්‍යවරයා පැවසිය.

මේ අතර පවුල් ලක්ෂ 27 කට සහල් කිලෝ දහය බැගින් අප්‍රේල් සහ මැයි මාස සඳහා ලබා දීමේ වැඩසටහන ලබන 21 දා අරඹන බව ද, ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් අඩකට වඩා මෙම සහනාධාරය හිමි වන බව ද සියඹලාපිටිය මහතා කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment