මෛත්‍රීට පොලිසියට හෝ මහේස්ත්‍රාත්වරයකු හමුවේ ප්‍රකාශයක් දිය හැකියි- ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා

97

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට, පොලිසියට හෝ මහෙස්ත්‍රාත්වරයකු හමුවේ ප්‍රකාශයක් දීමට හැකි බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ගැන තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය ගැන ‘දිවයින’ ඒ මහතාගෙන් කළ විමසීමේදී යූ. ආර්. ද සිල්වා මහතා මෙසේ ද කීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසියට කැඳවා ප්‍රකාශයක් ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් එම ප්‍රකාශයේ රහස්‍යභාවය

රැකීම සඳහා මහෙස්ත්‍රාත්වරයකු හමුවේ නිල මැදිරියේදී ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව පැවසුවොත් ඔහුට එම අවස්ථාව ලබාදිය යුතුයි.

නිල මැදිරියේදී කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අවශ්‍ය වුවහොත් නීතිපතිවරයාට හෝ පොලිසියට එහි පිටපත් ලබාගැනීමේ හැකියාවක් පවතින බව ද, කෙසේ වෙතත් මෙහි නීතිමය තත්ත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයෙන් පසුව පැවසීමේ හැකියාව ඇති බව ද ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment